"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.



විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව ( ආර්. සම්බන්දන් )

2010-12-17

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
ඇමෙරිකානු තානාපතිවරියගේ ලෝකයේ හැටියට ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම හෝ දමිල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තොරතුරු ලබාගැනීම හොඳම සහ එකම මූලාශ්‍රය දමිළ ජාතික සන්ධානය හෙවත් ටී.එන්.ඒ. පක්ෂයයි. ඇමෙරිකානු තානාපතිවරිය ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්දන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඇය තම රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ රහසිගත කේබල් පණිවිඩයක දැක්වේ.

ඒ ඒ සාකච්ඡා වට වලදී ආර්. සම්බන්දන් ගෙන් ලබාගත් තොරතුරු ඇමෙරිකානු තානාපතිවරිය තම "අතිශය රහසිගත ලියවිල්ලේ" දක්වා ඇති පරිදි මෙසේයි.


=================================
දිනය : 2010 ජනවාරි 15
මාතෘකාව : ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව එහි වගකීම: දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්

"ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධ චෝදනාව පිළිබඳව අනෙක් දමිළ මන්ත්‍රීන් විසින් ප්‍රසිද්ධියේ කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ඔවුන් තරමක් ප්‍රායෝගිකව මේ පිළිබඳව කල්පනා කරන බව පෙනේ. අප විසින් මෑත කාලයේ දී දමිළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සමග පවැත්වූ සාකච්ඡා වට කිහිපයේදීම, ඔහු කියා සිටියේ යුධ අපරාධ සම්බන්ධ කාරණය වැදගත් බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ - විශේෂයෙන්ම ඩයස්පොරාවේ උනන්දුව තමා අගය කරන බවත් ය.

නමුත්, කුමන හෝ ශ්‍රී ලාංකික රජයක් මෙවැනි පරීක්ෂණ සිදු කිරීමට යාමේ දී ඇතිවන අපැහැදිලි බව පිළිබඳව තත්‍ය අවබෝධයක් සම්බන්ධන් තුල තිබිණි.
බලයේ සිටින රජයක් තමන් පිළිබඳවම මෙවන් පරීක්ෂණ සිදු නොකලද, ජාතියේ යහපත උදෙසා මෙවන් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය බව ඔහු සඳහන් කලේය. මේ කාරණය සම්බන්ධයෙන් වඩා අනතුරුදායක තත්වයක සිටින්නේ දමිළ ජනතාව යැයි ද, පාර්ලිමේන්තුව තුලදී "යුධ අපරාධ"" පිළිබඳ කාරණය තමන් මතු නොකරන්නේ, ඒ හේතුවෙන් වද හිංසා හෝ පලිගැනීම් වලට ලක්විය හැකි බැවිනැයි ද සම්බන්ධන් කීවේය.

නමුත්, යුද්ධයේ සිදුවූ සිදුවීම් පිළිබඳව ජනතාවට දැනගැනීමට ඇති අයිතිය ඔහු අවධාරණය කලේය.
යුධ අපරාධ පිළිබඳව වගකීම සම්බන්ධව දමිළ ජනතාවට විශ්වාස කල හැකි, පවතින දේශපාලන ව්‍යුහය තුල ක්‍රියාත්මක කල හැකි, කිසියම් යාන්ත්‍රණයක් පිළිබඳව අප කිහිප විටක්ම ඔහුගෙන් ඇසුවද එවැන්නක් පිළිබඳව නිසි පිළිතුරක් ලබාදීමට ඔහු අපොහොසත් විය.
=================================


අවි නොදැරූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙකු වූ සම්බන්ධන් තමන්ගේ සෑම සාකච්ඡා වටයක දීම, ශ්‍රී ලංකාව තුල යුද අපරාධ සිදුවී ඇති බවට ඉඟි පලකොට ඇති බව සහ ඒ සඳහා ජාත්‍යන්තරයේ කිසියම් මැදිහත්වීමක් ඔහු බලාපොරොත්තු වන බව ඉහත ලියවිල්ලට අනුව පෙනී යයි. එය අඬන්නට සිටි අයෙකුගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමට හා සමාන නොවේ ද ? ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ට සහාය දෙන ඩයස්පොරාව සහ රටේ දමිළ හිතවාදීන් සමග අර අදින්නේ ශ්‍රී ලංකාව සමග ඔවුන්ට ඇති වෛරය කෙසේ හෝ පිරිමසා ගැනීමටයි. ඒ අතරතුර සිදුවන මෙවන් ප්‍රකාශ ඔවුන්ගේ අමන්දානන්දයට හේතු නොවේ යැයි කිව හැකි ද ?

බුටේනිස් මහත්මිය ද සෑම විටම අදහස් විමසන්නේ ටී.එන්.ඒ. මන්ත්‍රීන්ගෙන් පමණය. රටේ තත්වය දැන ගැනීමට සැබෑ උවමනාවක් තිබුනේ නම් පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීන්ගේන් හෝ රටේ සාමාන්‍ය ජනතාවගෙන් ද ඇයට අදහස් විමසිය හැකිව තිබිණි.
ඈ මේ කරන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව ඔත්තු බැලීමකි. තමන්ගේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ අලජ්ජී උවමනා එපාකම් වලට අනුව තමන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙයවීමකි.

ආර්. සම්බන්දන් යනු මනෝ ගනේෂන් සේම අවි නොගත් ත්‍රස්තවාදියෙකි. ම්ලේච්ඡ කොටි නායක ප්‍රභාකරන් ඔහුට දෙවියන් සේ වූ බව අපට හොඳින් මතක ය. කොටීන් සමග එකට හිඳ බුරුතු පිටින් ජන ඝාතන සිදු කිරීමට පිඹුරුපත් සැකසූ හැටි අපට නම් මතක ය. ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳව කාරණය ඔහු පාර්ලිමේන්තුවේ දී ඉස්මතු නොකරන්නේ තමන් පලි ගැනීම් හෝ පහරදීම් වලට ලක්විය හැකි බැවිනැයි කියයි. එවැන්නක් සිදුවීමට තිබුණේ නම් ඔය කියන්නාවූ හේතුවට වඩා තවත් හේතු බොහෝ තිබේ. තමන්ගේ මුළු දේශපාලන ජීවිතය පුරාම රටේ බහුතරයක් ජනතාවට එරෙහිව කටයුතු කල මෙවැන්නෙකුට පහරදීමට අවශ්‍ය නම් දැනිදු අවකාශ ඇත. නමුත් සම්බන්දන් තවමත් යහතින් සිටින්නේ ය. "ගැරඬින් මරා පව් පුරවා නොගන්න" යැයි අප ජනවහරේ ඇති කියමන මෙතැනට උචිත යැයි සිතේ.

යුද අපරාධ පිළිබඳව ක්‍රියාකිරීමට බුටේනිස් මැතිණිය විමසන්නාවූ පරිදි යාන්ත්‍රණයක් අර්ථ දැක්වීමට සම්බන්දන් ට නොහැකි වූයේ පවතින දේශපාලන ව්‍යුහය මත එවැන්නක අවශ්‍යතාවක් නොවූ නිසා ය. රටේ අනෙකුත් ජනතාව හා සමානවම වරප්‍රසාද භුක්ති විඳින ජනතාවක් උදෙසා තවත් යාන්ත්‍රණ හෝ සංහිඳියාවක් අවශ්‍ය ඇයි ?

බුටෙනිස් යනු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙමේන්තුව පදයට නටන ඔත්තුකාරියක් පමණි. තමන්ගේ ඇහේ පොල් පරාල පසෙක තිබියදී අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සොයන්නට ඇමෙරිකාව හරි දක්ෂ ය. බුටේනිස් ව පොළඹවා ඇත්තේ ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කිරීමට ය.

උණ්ඩය බුටේනිස් වුවද ගඳ ගසන තුවක්කුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවයි..!
එනයින් නියම යුද අපරාධකරුවෝ වනාහී ඇමරිකානුවෝ සහ බ්‍රිතාන්‍යයෝ ම නොවෙත් ද?


- සිංහලයා පුවත්



මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/sin-unicode/comment.php?go=post&insert=new&newsid=148

නිල පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=148

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews