"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.



විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව ( දමිළ ප්‍රජාවේ අදහස )

2010-12-20
- දිනෙන් දින ලැජ්ජාව අහිමි වන ඇමරිකානුවෝ..

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ජන ජීවිතය විනාශ කරමින් සිදු කල සැබෑ යුද අපරාධ පිළිබඳව කිසිදු තැකීමක් නොකල ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ ප්‍රමුඛ කොටි හිතවාදී බටහිර යුරෝපීය රටවල් වඩාත් වද වෙන්නේ තමන් විසින් ඇති දැඩි කල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මියගිය අයුරු සෙවීමටත්, රටක් බේරාගත් අප ආරක්ෂක හමුදාවන්ට ඒ වෙනුවෙන් දඬුවම් කිරීමටත් බව අමුතුවෙන් කිය යුතු නොවේ.

අමනෝන්‍ය දේශපාළුවෝ රැලක් එක් කරගෙන නැති වගකීමක් සහ විශ්වසනීයත්වයක් ආරූඪ කර, ඔවුන්ගේ මනෝ විකාර හුවා දක්වමින්, සමස්ත රටේ අදහස් ලෙස ලොවට ගෙන යෑමත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත හිතවාදී දමිළ ඩයස්පොරාවේ කොන්ත්‍රාත්තුවට අනුව ශ්‍රී ලංකාව පිළිබඳව ඔත්තු බැලීමත් රට තුල නැවතත් බෙදුම්වාදය පැතිරවීමත් ඒ ඒ රටවලින් මෙහි පැමිණි තානාපතිවරුන්ගේ ප්‍රධාන කාර්යය විය.

පහත දැක්වෙන්නේ එවන් තවත් එක් උදාහරණයකි. පැට්‍රීෂියා බුටෙනිස් විසින් තම අතිශය රහස් ලියවිල්ලක් මගින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත කියූ බේගලයකි.

=========================================
දිනය : 2010 ජනවාරි 15
මාතෘකාව : ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව එහි වගකීම : දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්
1.----------
2.----------
3.----------

4.ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ කාරණය විවිධ හේතූන් මත බොහෝ දමිළ ජනතාව ප්‍රමුඛතාවයේ ලා නොසැලකූහ. දමිළ ජනතාව අප හා පැවසූ පරිදි, මෙම කාරණය පිළිබඳව ඔවුන් විමසිලිමත්ව සිටිය ද වර්තමානයේ දී ඔවුන් වඩා අවධානය යොමු කර ඇත්තේ නිදහස සහ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම, අවතැන් වූවන්ගේ ප්‍රශ්ණ නිරාකරණය කර ගැනීම සහ යුද්ධයෙන් හානි වූ සහ පෙර එල්.ටී.ටී.ඊ.ය යටතේ පැවති ප්‍රදේශවල ආර්ථිකය නගා සිටුවීම වැනි කාරණ පිළිබඳව ය.

යුද අපරාධ පිළිබඳ කාරණය, පසු කලෙක කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම උදෙසා යටපත්ව යා නොදී පවත්වා ගැනීම, අප විසින් අදහස් විමසන ලද කොළඹ, යාපනය සහ අනෙකුත් ප්‍රදේශ වල දමිළ නායකයින්ගේ සැබෑ අරමුණ වුවද, මේ එයට කාලය නොවන බවත්, අදාල කරුණ පිළිබඳව වැඩිදුර බලපෑම් සිදුකිරීම මේ අවස්ථාවේ හැටියට ඔවුන්ට "අනතුරුදායක විය හැකි" බවත් ඔවුන් අප හා කීහ.
5.----------
6.----------
7.----------
8.----------
9.----------

=========================================


ඉහත කේබල් පණිවිඩයේ මුල් කොටස අනුව, මෙරට ද්‍රවිඩ ජනතාවට අවැසි ව ඇත්තේ, ඉතාමත් ඉක්මණින් තම ජීවිත සාමාන්‍ය තත්වයට පත් කර ගැනීම වන අතර, යුද්ධයෙන් හානි වී ඇති ප්‍රදේශ යළි පිළිසකර කරගෙන, තමන්ගේ පාඩුවේ ජීවත් වීමේ උවමනාව යි. සැබවින්ම ඔවුන් වෙනම රටක් ඉල්ලනේ නැත. එදාවේල කන්නට තිබේ නම්, ගොවිතැන් බතක් කරගෙන ජීවත් වියහැකි සාමකාමී පරිසරයක් වේ නම්, සිය නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබේ නම්, තම දරුවන්ට හොඳහැටි අධ්‍යාපනයක් ලැබේ නම් ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යයට කලබල වීමට තරම් හේතු නොමැත්තේ ය.

එසේනම්, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය කලබල වී ඇති කාරණය පැහැදිලි ය.
එනම්, තමන් එක්ව පෝෂණය කල ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ව විනාශ වීමේ වේදනාවෙන් සහ ලෝක ලැජ්ජාවෙන් පසුවන ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයට ඕනෑ වී ඇත්තේ, "සිය ත්‍රස්තවාදීන් පිරිවර" විනාශ කල ශ්‍රී ලංකාවෙන් කෙසේ හෝ පළි ගැනීම යි. ඒ සඳහා ඔවුන්ට හේතු සාධක අනවශ්‍ය ය.. හේතු නැති නම් හේතු මවා හෝ පෙන්වීමට තරම් ඇමරිකානුවෝ සහ බ්‍රිතාන්‍යයෝ සදාචාරවත් නොවෙනා බව ලොවක් දනිත්.. විකිලීක්ස් ඔස්සේ ඇමරිකාව ලොවක් ඉදිරියේ නිරුවත් කල ජූලියන් ඇසේන්ජ්ට එරෙහිව නඩු ඇසෙන්නේ, "ලිංගික වදහිංසා" චෝදනාවන් මත ය. තවත් පැහැදිලි ව කියතොත්, ස්වීඩන් ජාතික කාන්තාවන් දෙදෙනෙක් සමග උපත්පාලන කොපුවක් නොමැතිව යහන්ගත වූවා කියා ය.

සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් ව ද පාච්චල් කරමින් අද නොබෙල් තෑග්ග දෙන්නේ රටක රාජ ද්‍රෝහියෙක් වූ හිරකාරයෙකුට ය. (සමහරවිට ලබන වසරේ නොබෙල් තෑග්ග ලංකාවට හිමිවීමට ද ඉඩක් නැතුවා ම නොවේ..) එසේත් නැත්නම්, කිසිත් සාධනීය යමක් මෙතෙක් නොකල බැරැක් ඔබාමා ජනපතිවරයාට ය,. මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ එක්ක සැසඳුවොත් බැරැක් ඔබාමා කැලේ ය.. ඇමරිකානුවන් තමන්ගේ සහතික තමන් විසින් ම ලියා ගැනීමට තරම් අලජ්ජී වී ඇති අන්දමය ඒ.

අද ඇමරිකාවේ තත්වය මෙයයි..

මිනීමැරුම්, ස්ත්‍රී/පුරුෂ අපයෝජන ඇතුළු නොයෙකුත් වද බන්ධන ද, රටවල් විනාශ කිරීම ද මගින් ප්‍රථම ස්ථානය ලබමින් දුර්ගන්ධ වූ ඉතිහාසයකට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකික අප නොව ලැජ්ජා නැතිව තවමත් අනුන්ගේ කුණුම සොයන ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයයි.

- සිංහලයා පුවත්



මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/sin-unicode/comment.php?go=post&insert=new&newsid=151

නිල පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=151

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews