"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.



විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව (පැට්‍රීෂියා ඒ. බුටෙනිස් ) -2

2010-12-22
- පැට්‍රීෂියා බුටෙනිස් ශ්‍රී ලංකා ජනාධිපතිට යුද අපරාධ චෝදනා එල්ල කරයි

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුනු ජනාධිපතිවරණයට ආසන්න කාලයකදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති පැට්‍රීෂියා බුටෙනිස් විසින් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි ඇමෙරිකාව ප්‍රමුඛ ත්‍රස්ත හිතවාදී රටවල් විසින් චෝදනා කරන යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අවධානය මඳ යැයි ද මෙම යුද අපරාධ සඳහා ශ්‍රී ලංකා ජනාධිපති, ඔහුගේ සහෝදරයින් සහ එවකට ජනරාල් සරත් ෆොන්සේකා වගකිවයුතු යැයි සෘජුවම චෝදනා කරන්නීය.
========================================================
දිනය: 2010 ජනවාරි 15
මාතෘකාව: ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව එහි වගකීම: දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්
1.-----
2.-----
3.තාවකාලික ක්‍රියාමාර්ග තිබුණේ වුවද, ජනාධිපති රාජපක්ෂ විසින් රටේ ආරක්ෂක හමුදා රණවිරුවන් වෙනුවෙන් ඕනෑම ජාත්‍යන්තර යුද අධිකරණයකට ඉදිරිපත් වීමට තමා සූදානම් යැයි දුන් පොරොන්දුව හැරුණු කොට ජනාධිපති මැතිවරණ කාලයේදී යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවේ වගකීම පිළිබඳව එතරම් ප්‍රමුඛතාවකින් සාකච්ඡා නොවිනි.
මේ කාරණය සම්බන්ධයෙන් අවධානය අඩුවීම ශෝචනීය වුවද එය පුදුමයට කාරණයක් නොවිනි.
කිනම් හෝ රජයක් තම ආරක්ෂක හමුදා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පවතින යුද අපරාධ සම්බන්ධ චෝදනා, රජය බලයේ සිටිද්දීම තොග වශයෙන් විමර්ශනය කිරීමක් පිළිබඳව අප අසා නැත්තෙමු. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ කාරණය වඩා සංකීර්ණ වී ඇත්තේ එම යුද අපරාධ චෝදනා සම්බන්ධ වගකීම රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ආරක්ෂක නායකත්වය වන ජනාධිපති රාජපක්ෂ ඇතුළුව ඔහුගේ සහෝදරයින් සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක ජනරාල් ෆොන්සේකා වෙත ඇති බැවිනි.
4.-----
5.-----
6.-----
7.-----
8.-----
9.-----
======================================================


මෙහිදී සැලකිය යුතු කාරණා කිහිපයක් තිබේ.
යුද අපරාධ සිදුකලේ ශ්‍රී ලංකා හමුදාව නොව, එල්.ටී.ටී.ඊ. යයි. එම නිසා ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප කලබල වන්නේ කුමට ද ?

යුද අපරාධ සම්බන්ධ නාටකය බටහිර, යුරෝපීය රටවල් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපහසුතාවට පත්කර රජය අස්ථාවර කිරීමේ කූට දේශපාලන සැලසුමේ එක් කොටසක් පමණි. ත්‍රස්තවාදය පරාජය කිරීමට එකදු පතරොමක් හෝ නුදුන් ඇමෙරිකාව දැන් මේ දඟලන්නේ එල්.ටී.ටී.ඊ. ය මියගිය අයුරු සෙවීමට විනා ත්‍රස්තවාදයෙන් පීඩා විඳි දමිළ ජනතාවට සෙතක් කිරීමට නොවේ.

රටක් තමන් බලයේ සිටිද්දීම තම රජයට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශනය කරනු තමන් අසා නැතැයි යනුවෙන් සඳහන් කරමින් බුටෙනිස් මහත්මිය කරනුය ඉඟියකි. එනම්, ඕනෑම රජයක් මෙන් මෙම රජය ද බලයේ සිටිද්දී ම "විමර්ශණ" නොකරනු ඇති බවත්, මෙම රජය පෙරළා දමා තමන්ගේ කුලී හේවායන් වෙත බලය පැවරූ දාක එම විමර්ශණ සියල්ල ම සිදු කොට මහින්ද රාජපක්ෂ, ඔහුගේ පවුල සහ රණවිරුවන් යුධාධිකරණය වෙත කැඳවිය හැකි බව නොවේ ද?

එහෙත් මෙරට ජනතාව ඒ සඳහා ඉඩ දේ ද?
මෙරට ජනතාව විසින් පසුගිය මැතිවරණ වල දී සනාථ කලේ ද එයම ය., එසේ ගතහොත් බුටේනිස් වැන්නවුන්ට මෙසේ සදාකල් ම කල හැක්කේ චෝදනා කරමින් සිටීම ම පමණක් නොවේ ද?

නමුත් ඇමෙරිකාවට තම ආරක්ෂක හමුදා විසින් ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ සිදු කල යුද අපරාධ පිළිබඳව පැහැදිලි සාක්ෂි තිබියදීත් ගොළුවන් බීරන් සේ හැසිරෙන්නේ, මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ යුද අපරාධ සඳහා ඇමෙරිකානු රජයෙන්ම අනුග්‍රහය ලැබෙන බැවිනි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්නේ යැයි කියමින් ඇෆ්ඝනිස්ථානය සහ ඉරාකය අච්චාරුවක් කලේ ඇමෙරිකාව විසිනි. දැන් ඒ මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට නොහැකිව දඟලන්නේද ඇමෙරිකාවයි.

කෙසේ වුවත්,
තමන්ගේ බැරැක් ඔබාමා ජනපතිවරයා විසින් "මුකුත්ම නොකර" නොබෙල් සාම ත්‍යාගය කිහිළ්ලේ ගසා ගනිද්දී,
තම රටේ ජනතාවත්, ආරක්ෂක හමුදාවනුත් වෙනුවෙන් ඕනෑම අධිකරණයක් හමුවට යාමට තරම් නිර්භීතකමක් ඇති ජනාධිපතිවරයෙක් ගැනද බුටෙනිස් විසින් අසා නැතුවා විය හැකිය.


- සිංහලයා පුවත්



මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/sin-unicode/comment.php?go=post&insert=new&newsid=152

නිල පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=152

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews