"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.



ශ්‍රී ලංකා හමුදාවන් කල "පිළිගත හැකි" යුද අපරාධ සහ එල්.ටී.ටී.ඊ.ය කල "පිළිගත නොහැකි" යුද අපරාධ..!

2010-12-24
- බුටේනිස් නෝනාගේ අරුම පුදුම අපරාධ වර්ගීකරණය

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
පැට්‍රීෂියා බුටේනිස් තානාපතිවරියට අනුව අපරාධ වර්ග දෙකක් තිබෙන බව පෙනේ. ඒ ජාත්‍යන්තරව පිළිගත හැකි සහ පිළිගත නොහැකි යනුවෙනි. පහත දැක්වෙන්නේ කොළඹ වෙසෙන ඇමරිකානු තානාපතිවරිය විසින් තමන්ගේ තවත් රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රකාශ කරන තවත් විකෘති චිත්‍රයකි.

====================================================================
දිනය: 2010 ජනවාරි 15
මාතෘකාව: ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව එහි වගකීම : දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්
1.----
2.ශ්‍රී ලංකා හමුදාවන් සහ නිලධාරීන් යුද්ධය පවතින කාලයේ සිදුකල යුද අපරාධ සම්බන්ධ චෝදනා අපගේ ද්වී පාර්ශවික න්‍යාය පත්‍රයේ ඇති වඩාත්ම ගැටළු සහගත කාරණයයි.
(සටහන : යුද්ධය පැවතුනු කාලයේ සිදුවූ සිදුවීම් ඇතුලත්ව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කොන්ග්‍රස් මහ සභාව වෙත ඉදිරිපත් කෙරුනු වාර්තාව සහ යාපනය විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් සුරැකීම සඳහා වූ ගුරු භවතුන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කල වාර්තාවේ ද එල්.ටී.ටී.ඊ.ය විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධ චෝදනා පවතියි. යුද්ධය අවසානයේ එල්.ටී.ටී.ඊ. නායකත්වයේ බොහෝ දෙනා මියගිය බැවින් අදාල අපරාධ සම්බන්ධව චෝදනා එල්ල කිරීමට ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙක් පමණි.

අපරාධ චෙදනා විභාගයට සහ / හෝ පුනරුත්ථාපනය උදෙසා ශ්‍රී ලංකා රජය විසින් දහස් ගණන් මධ්‍යම සහ පහළ මට්ටමේ හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් ශ්‍රී ලංකා රජය විසින් රඳවා තබාගෙන සිටියි. නමුත් මේ චෝදනා කිසිවක් අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකිද යන්න අපැහැදිලි ය.)
යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් කිසියම් තාවකාලික පියවර කිහිපයක් ගෙන ඇත. රාජ්‍ය දෙපාර්තමේන්තුවට අදාල වාර්තාව ඉදිරිපත් කල වහාම ජනාධිපති රාජපක්ෂ විසින් අදාල චෝදනා සම්බන්ධව විමර්ශනය කොට තමන්ට වාර්තාවක් ලබාදීමට විශේෂඥ කමිටුවක් පත් කරන බව නිවේදනය කෙරිණි.
වසර අවසානයේ දී මෙම කමිටුවට දී තිබූ කාලය දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා ජනාධිපති විසින් දීර්ඝ කෙරිණි.
ජනරාල් ෆොන්සේකා විසින් ඔහුගේ පාර්ශවයෙන් දමිළ සහ අනෙකුත් සුළු ජාතීන් සමග කිසියම් නව ගනුදෙනුවක අවශ්‍යතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. සරත් ෆොන්සේකා විසින් තම මැතිවරණ ව්‍යාපාරයේ දී "සත්‍යය සහ සමාදානය" සම්බන්ධ කමිටුවක් සඳහා ක්‍රියාත්මක වන ලෙස උපදෙස් දුන් බව ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කළමණාකරු පෞද්ගලිකව තානාපතිවරිය සමග පවසා තිබිණි.
3.-----
4.-----
5.-----
6.-----
7.-----
8.-----
9.-----
=================================================================

මේ සඳහන් කර ඇති ආකාරයට "පිළිගත හැකි සහ පිළිගත නොහැකි" යනුවෙන් ඈ හඳුන්වා ඇත්තේ ඇතැම් විට ඔවුන් තමන්ගේ හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, ග්වන්ටනාමෝ වධකාගාරයේ සහ වියට්නාමයේ සිදුකරන සහ සිදු කරන ලද ම්ලේච්ඡ අපරාධ වර්ගීකරණය කරන ආකාරය විය හැකිය. ඇස් පනාපිට සාක්ෂි තිබියදීත් ගොළුවන් බිහිරන් සේ සිටින්නේ ඔවුන්ගේ මිම්මේ හැටියට මේවා හොඳ අපරාධ වන නිසා විය යුතු ය.
වරෙක හිලරි ක්ලින්ටන් විසින් ත්‍රස්තවාදීන් හොඳ සහ නරක යනුවෙන් ද කිසිදු හිරිකිතයකින් තොරව වර්ගීකරණය කලාය. ඒ ඇයගේ දේශපාලන අලජ්ජීභාවය සහ පුද්ගලික ලැජ්ජාව පිලිබඳ කාරණයකි. ඒ පිලිබඳ ව මෙහි සඳහනක් නොකරමු.

එල්.ටී.ටී.ඊ.ය සිදු කල යුද අපරාධ ප්‍රමාණය ගිණිය නොහැකි වුවත්, ඒවා බුටේනිස්ගේ "පිළිගත හැකි" මට්ටමේ අපරාධ නොවේ.. මෙය තනිකරම බූරු තර්කයකි.

"පිළිගත හැකි මට්ටමේ" අපරාධ ලෙස ඉඟිකොට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට යුධ අපරාධ ලේබලය අලවා අභූත චෝදනා නගමින් පලිගන්නට හදන්නේ, ඇමෙරිකාවේ මිත්‍ර හොඳ ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. ය අපේ හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සුන්නද්දූලි වී ගිය නිසා ය.

නරක ත්‍රස්තවාදීන් වූ අල් කයිඩාව හා යුද වැදෙන්නේ යයි පවසමින් ඇමෙරිකානු හමුදාව කරන්නේ අහිංසක ජනතාව බිලිගැනීම පමණි. ඒ ඔවුන්ගේ හමුදා ශක්තියේ තරම ය. ලොව පුරා යුද්ධ පටන් ගෙන "අල වී" සිටින ඇමෙරිකාව ඒවා අවසන් කරගන්නට බැරිව තමන්ගේ ලැජ්ජාව වසාගන්නට මෙන් අනුන්ගේ කුණු ගොඩවල් අවුස්සන්නට තම රාජ්‍ය නිලධාරීන් පත්කර තිබේ.

- සිංහලයා පුවත්




මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/sin-unicode/comment.php?go=post&insert=new&newsid=154

නිල පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=154

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews