"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.




විකිලීක්ස් කතන්දරේ දන්නවද?

2010-12-11


"විකිලීක්ස්" (WikiLeaks) කියන්නෙ ලාබ නොලබන අරමුණින් පවත්වාගෙන යමින් "ලොව ජනතාවට සත්‍යය දැනගැනීමේ අයිතිය" දැඩි ව විශ්වාස කරන මාධ්‍ය වෙබ් අඩවියක්. විකිලීක්ස් වෙබ් අඩවිය පටන් ගත්තෙ 2006 දි. ඒ වගේ ම 2008 සහ 2009 යන වසරවල දී ඔවුන් විසින් කල මාධ්‍ය සේවය වෙනුවෙන් සම්මාන ද හිමිවුනා..

"විකිලීක්ස්" යන නාමය වඩාත් කතාබහට ලක් වුනේ, 2010 අප්‍රේල් මාසෙ ඔවුන් විසින් එළිදක්වපු සුවිශේෂ වීඩියෝ පටයක් නිසාවෙන්.. ඒ 2007 ජූනි මාසෙ ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත ඇමෙරිකානු හමුදාවන් එල්ල කල ගුවන් ප්‍රහාරයකට සාමාන්‍ය වැසියන් සහ මාධ්‍යවේදීන් පිරිසක් ගොදුරුවන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්.. මෙම වීඩියෝ පටය හෙළි වීමත් සමගම අනෙකුත් රටවල යුද අපරාධ ගැන නිතර හොයන ඇමරිකානු රජය ලෝකය හමුවේ දැඩි අපහසුතාවයකට පත් වූවා..

ලෝකයම සිය ග්‍රහණයට ගැනීමේ "නව යටත්විජිතකරණය" දහම කොටගනිමින්,
මුළු ලොවට ම මානව හිමිකම් කියා දෙන,,
සෙසු රටවල යුද අපරාධ වී ඇද්දැයි හොයන ඇමරිකාවේ මෙතෙක් යුද, දේශපාලනික සහ බුද්ධි තොරතුරු ඉතිහාසය තුල ඇමරිකානු රාජ්‍ය තණ්ත්‍රය වඩාත් ත්‍රාසයෙන් සලිත වී යන සිදුවීම් දාමය එළියට එන්නේ ඉන් පසුව යි.

වසර ගණනක් තිස්සේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ අන් රටවල සිටින ඇමරිකානු තානාපතිවරුන් හෝ නිලධාරීන් අතරේ වූ ඉතා රහසිගත කේබල් පණිවිඩ සහ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් "ඉතාමත් රහසිගතයි" ලේබලය යටතේ පවත්වගෙන ගිය සෙසු තොරතුරු රැසක් විකිලීක්ස් ඔස්සේ ලොව හමුවේ නිරාවරණය වීමත් සමග ම ඇමරිකාව මුළු ලොවක් හමුවේ නිරුවත් වී ගියා..

එලෙස, 2010 ඔක්තෝබර් මාසයේ දී රහසිගත ලිපිගොනු 76900ක්, 2010 නොවැම්බරයේ දී තවත් රහසිගත ලිපිගොනු 400,000ක් ලෝකයා වෙත නිරාවරණය වීම හමුවේ ඇමරිකානු අධිරාජ්‍යය කෙතරම් සළිත වූවා ද කිව්වොත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්, හිලරි ක්ලින්ටන් කෝපවිෂ්ඨ වී මාධ්‍ය නිවේදන නිකුත් කල අන්දමින් ම ඒ බව පැහැදිලි වෙනවා.

- ලොව සෙසු රටවල් සමග කිට්ටුවෙන් සම්බන්ධතාවයන් පවත්වන ගමන් හොර රහසේ ඒ ඒ රටවල රාජ්‍ය නායකයින් සම්බන්ධ ව ඔත්තු බැලීම.
- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් පිලිබඳ ව ඔත්තු බැලීම

- ශ්‍රී ලංකාව වැනි රටවල් සමග පිටතින් මිත්‍රශීලී අයුරින් සිටිද්දී, රහසිගත ව ත්‍රස්තවාදීන්ට උදව් කිරීම, ආණ්ඩු පෙරළීමට සැලසුම් කිරීම, සාවද්‍ය යුද අපරාධ චෝදනාවන් කිරීම සහ ජාත්‍යන්තර ව එම සාවද්‍ය යුද අපරාධ චෝදනාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් හට යුද අපරාධ චෝදනා ගොනු කිරීම සහ ඔවුන් කෙරෙහි ද්වේශයෙන් කටයුතු කිරීම, ඔත්තු බැලීම..

ආදී නා නා විධ දරුණු කුමණ්ත්‍රණ රැසක් ලොව පුරා විසිර සිටින ඇමරිකානු තානාපතිජාලය හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලොව පුරා මෙහෙයවූ අන්දම විකිලීක්ස් ඔස්සේ එලෙස හෙළිදරව් කලා. ඒ ඒ රටවල සිටි ඇමරිකානු තානාපතිවරුන් හෝ නිලධාරීන් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වසර කිහිපයක් තිස්සේ එවූ අතිශය රහසිගත කේබල් පණිවිඩ ඒ ආකාරයෙන් ම කියැවීමටත් විකිලීක්ස් විසින් ලොවට ම පහසුකම් සපයා තිබුණා..

විකිලීක්ස් වැනි එක් වෙබ් අඩවියක් නිසාවෙන් සමස්ථ ඇමරිකානු රාජ්‍ය තණ්ත්‍රය සහ ලොව පුරා ඊට අනුබද්ධ නිලධාරී ජාලය ම දැඩි සේ දෙදරා ගිය අතර ඇමරිකානු රජයට ලොව හමුවේ කට උත්තර ද නැති වී ගියා.
විකිලීක්ස් ප්‍රධාන කතෘ, ඕස්ට්‍රේලියානු ජාතික ජූලියන් ඇසේන්ජ් ව දුටු තැන අත් අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර පොලීසියේ හාස්‍යජනක වරෙන්තුව නිකුත් වන්නේ ද ඉන් පසුව යි,. එම රතු වරෙන්තුවට අනුව ජූලියන් ඇසේන්ජ් හට නගා ඇති චෝදනාව, "ලිංගික වදහිංසා පැමිණවීම" යි..

දැඩි ලෙස කිපී සිටි ද්වේශ සහගත ඇමරිකානු මෙහෙයවීමෙන් විකිලීක්ස් කතෘ ජූලියන් ඇසේන්ජ් ව "කෙසේ හෝ.." ලන්ඩනයේ දී අත් අඩංගුවට ගත්තේ ඒ අයුරින්.. ඒ හාස්‍යජනක වූ ලිංගික වදහිංසා චෝදනාවන් මත..

අවම තරමේ ජූලියන් ඇසේන්ජ් හට "සත්‍ය කාරණාවට අදාල ව" චෝදනාවක් එල්ල කිරීමට ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබෙන්නේ එලෙසින්..

- සිංහලයා පුවත්


 

 


මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/sin-unicode/comment.php?go=post&insert=new&newsid=142

නිල පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=142

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews